පහතරට නර්තන ක්‍රමය සමග බැදුනු කෝලම් නාටක වර්තමානය වන විට අභාවයට යමින් පවතින නාටක අතරින් එකකි. මේවා ඉතා අලංකාරව, දර්ශනීයව රග දක්වනු ලබන නාටක ක්‍රමයකි. අතීතයේදී බොහෝ කෝලම් නාටක දක්නට තිබුනද අද වන විට ඉන් දක්නට ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණි. දැනට ඉතිරි වී තිබෙන අංගයන්ද රග දක්වන අවස්ථා විරලය.
කෝලම් නාටක රග දක්වනු ලබන්නේ රාත්‍රී කාලයේය. මේ සදහා යොදා ගනු ලබන භූමිය සබය, සභාව, තානායම්පොළ ආදී නාමයන්ගෙන් හදුන්වනු ලබන අතර වඩාත් ප්‍රචලිත, ප්‍රසිද්ධ නාමය වනුයේ “සබය” යන්නයි. මේ සදහා තොරා ගනු ලබන්නේ බොහෝ ඉඩ කඩ ඇති එළිමහන් ස්ථානයකි. ඇතැම් අවස්ථා වලදී මෙම රංග භූමිය වටා කණු සිටුවා ලණුවක් අදිනු ලබයි. පසුව එම සීමාව ගොක්කොළ වලින් හැඩවැඩ කිරීමද දක්නට ලැබුණි. මෙම නරඹන්නන් , ප්‍රේක්ෂකයන් මෙම සීමාවෙන් පිටත සිටිය යුතු විය. සබයට පිවිසෙන ස්ථානයේ වෙස් අත්ත නම් අංගයක් ඇති අතර ඉතා ශක්තිමත්ව කණු දෙකක් දෙපස සිටුවා එය ගොරක අතු වලින් හෝ වෙනත් අතු වලින් වසා ගැනීමෙන්, ආවරණය කර ගැනීමෙන් වෙස් අත්ත නිර්මාණය කරගනු ලැබුණි. වෙස් මුහුණු ආදීදෑ තැම්පත් කර තැබීමටත් නාට්‍ය රග දක්වන්නන් හට හැඩවැඩ වීම් ආදීදෑ සිදු කර ගැනීම සදහා සබයේ පසෙකින් පොල්අතු මඩුවක් නිර්මාණය කර, සකස් කර තිබුණි. එසේම සබයට දකුණු පසින් සතර වරම් දෙවිවරු උදෙසා මල්පැලක් සැකසීමද සිරිතක්ව පැවතුනි. කෝලම් නාටක රග දැක්වීමට ප්‍රථමයෙන් ඒ සදහා සහභාගී වන සියළුම දෙනාම මෙම මල්පැල ඉදිරියට පැමිණ ආශිර්වාද ලබා ගැනීමත්, අවසර ලබා ගැනීමත් සිරිතක්ව පැවතුණි.
මෙම කෝලම් නාටක ක්‍රමයේ ආරම්භය සියවස් තුන හතරකට වඩා ඈතට විහිදී නොයන බව ඇතැමුන්ගේ මතය වුවද කෝලම් නාටකයේ ආරම්භය මහා සම්මත රාජ කාලය දක්වා දිව යන බව විවිධ කථා වලින් හෙළිවේ. කෝළම් නාටකයේ ආරම්භය පිළිබද විවිධ මතිමතාන්තර කිහිපයක් දක්නට ඇත. ඉන් ප්‍රකට ජනප්‍රවාදයකට අනුව සමා සම්මත රජුගේ බිසවගේ දොලදුක් කථාව පෙන්වා දිය හැකිය. මෙම දොළදුක සන්සිදුවීමට රජු බොහෝ උත්සහයන් ගත් නමුත් එය කිරීමට නොහැකි වීම නිසා රජු බොහෝ කනස්සල්ලට, කනගාටුවට පත් විය. රජුගේ මෙම කනගාටුව දුටු සක් දෙවියෝ එයට සුදුසු යැයි හැගෙන ප්‍රතිකර්මයක් කරන ලෙස විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට දැනුම් දුන්හ. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා සදුන් ලීයෙන් සකස් කරන ලද වෙස් මුහුණක් සහ එම වෙස් මුහුණ පැළදගෙන රංගනයේ යෙදෙන ආකාරය දැක්වෙන පොතක්ද රජුගේ උයනේ තැබූහ. මෙය දුටු උයන්පල්ලා වහවහා එම පොත සහ වෙස්මුහුණ පිළිබද රජුට දැනුම් දුන්නහ. පසුව රජු පුරෝහිතයන් යොදවා උයනේ තබා තිබූ වෙස් මුහුණ සහ කථා පොත යොදා ගනිමින් නාකට රග දක්වනු ලැබූ අතර එම නාට්‍ය නැරඹීමෙන් පසුව බිසවගේ දොළදුක සංසිදී ඇය සුවපත් වූ බව දක්වා ඇත.
රාත්‍රී හතට පමණ ඇරඹෙන මෙම කෝලම් නාටක අවසන් වන්නේ පසුදා පහන් වූවාට පසුවය. කෝලම් නාටකයේ ප්‍රධාන කථා ප්‍රවෘත්ති තුනක් දැක්වේ. එනම් සදකිදුරු කථාව, මනමේ කථාව හා ගෝඨයිම්බර කතාව යන්නයි. මේවා අතරින් සදකිදුරු කථාව හා මනමේ කථාව පදනම් වන්නේ චන්දකින්දර ජාතක කථාව හා චුල්ල ධනුග්ගහ ජාතක යන ජාතක කථා මුල් කරගෙනය. ගෝඨයිම්බර කථාව ජනප්‍රවාදයක් මුල් කරගෙන නිර්මාණය වූවකි. ගෝඨයිම්බරගේ බිරිද කෙරෙහි ආසක්ක වන ජයසේන නැමති යක්ෂයෙක් ඈ ලබා ගැනීම සදහා ප්‍රයන්තයක් දරයි.මේ නිසා ඉතා කෝපය පත් වූ ගෝටයිම්බර ඔහුගේ හිස කදෙන් වෙන් කරනු ලබන අතර දළරජ ජයසේන යක්ෂයාට වලස් හිසක් සවි කරනු ලබයි.
මනමේ කථාවේ ස්ත්‍රියගේ චපලත්වය ගැනත්, ස්වාමියාට ද්‍රෝහිවීමේ විපාකයන් දක්නට ලැබේ. ජාතක කථාවේ දැක්වෙන පරිදි කුමරා හොදින් ශිල්ප හදාරා දක්ෂ ශිෂ්‍යයෙන් බවට පත් වූ නිසා ඔහුට රාජගුරුගේ දියණියද විවාහ කර ගැනීමට හැකිවිය. ඔවුන් දෙදෙනා වනය මැදින් ගමන් කරන අතරතුර වැදි රජෙකු හමුවීම නිසා මුළු ජීවිතයම වෙස් පැතිකඩකට යොමු විය. කුමරිය සැමියාට ද්‍රෝහි වෙමින් වැද්දාගේ අතට කඩුව ලබා දෙයි. අවසානයේදී වැද්දා කුමරියගේ චපල සිත හදුනා ගනු ලබයි. මනමේ කථාවෙන් ස්ත්‍රියගේ චපලත්වය ගැන දැක්වුව ද, සදකිදුරු කථාවෙන් ස්ත්‍රියගේ යහගුණ ඉස්මතු කර දක්වයි. කුමරිය සිය මියගිය සැමියාට පණ ලබා දෙනුයේ ඇගේ ආදරයේ, පවිත්‍රතාවයේ බලයෙනි.
සාම්ප්‍රධායික කෝලම් නාටකයේ සියළුම චරිතයන් පිරිමින් විසින් සිදු කිරීමත්, සෑම චරිතයක්ම වෙස්මුහුණු පැළදගෙන රගදැක්වීමත්, සම්මතයක් ලෙස පැවතුණු අතර අද වන විට වෙනස්කම් රාශියක් සිදුවී ඇත. කෝලම් නාටක වල ස්ත්‍රී චරිත රග දැක්වීම සදහා කාන්තාවන්ට අවස්ථාව ලැබී ඇත. එසේම වෙස්මුහුණු පැළදීම වෙනුවට මුහුණ වර්ණ ගැන්වීම ආදිය සිදු කරන අවස්ථා වර්තමානයේ දක්නට ලැබේ.
මෙම කෝලම් වෙස්මුහුණු සෑදීම සදහා ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබන්නේ කදුරු ලීයයි. ගොඩ කදුරු සහ වෙල් කදුරු (දිය කදුරු) යනුවෙන් කදුරු විශේෂ දෙකක් දක්නට ඇත. මේ අතරින් වෙස්මුහුණු නිර්මාණය කිරීම සදහා වඩාත් යෝග්‍ය වන්නේ වෙල් කදුරු (දිය කදුරු) ය. එසේ යෝග්‍ය වීමට හේතුව නම්, සැහැල්ලු බව, කල් පැවැත්ම, ශක්තිමත් භාවය වැඩි වීම, මෙන්ම කැටයම් කිරීමට ඇති පහසුව ආදියයි. සමදරා, එරබදු, රුක්කත්න ආදී ලී වර්ග වලින් වෙස්මුහුණු නිර්මාණය කරනු ලබන අතර පාරම්පරික වෙස්මුහුණු කලාවේ යෙදෙන ශිල්පීන් ඒ සදහා යොදා ගනු ලබන්නේ වෙල් කදුරු ලී වර්ගය පමණි. කෝලම් වෙස් මුහුණු කලාවේ වෙස් මුහුණු වර්ග දෙකක් දැකිය හැකිය. කැට මුහුණු සහ රාක්ෂ යක්ෂ මුහුණු එම වර්ග දෙකයි. කැට වෙස් මුහුණු ලෙස හදුන්වනු ලබන්නේ මිනිස් මුහුණට සමාන ප්‍රමාණයෙන් කුඩාවු වෙස් මුහුණු වලටය. මේ සදහා උදාහරණ ලෙස මුදලි කෝලම, ජය කෝලම, පොලිස් කෝලම, අනබෙර කෝලම, හේවා කෝලම, ආරච්චි කෝලම ආදී චරිතයන්ට යොදා ගනු ලබන වෙස් මුහුණු දැක්විය හැකිය. යක්ෂ හා රාක්ෂ වෙස් මුහුණු ප්‍රමාණයෙන් විශාලය, විශාල ඇස්, විශාල කන්, විශාල නාසයන්, ඉතා දිගින් යුක්ත වූ දළ සමගින් දත්, ඉතා අලංකාරයෙන් යුක්ත වූ ඔටුනු ආදී විශේෂ අංගෝපාංගයන් මෙම වෙස් මුහුණු වල දැකිය හැකිය. මෙවැනි වෙස් මුහුණු නිර්මාණය කිරීම සදහා බොහෝ කාලයක් ගතවන අතර දැඩි වෙහෙස මහන්සියක් දැරීමට සිදුවේ. මෙවැනි වෙස්මුහුණු වලට උදාහරණ ලෙස ගුරු රාක්ෂ කෝලම, නාග රාක්ෂ කෝලම, නාග කන්‍යා කෝලම ආදී චරිතයන් දැක්විය හැකිය. කෝළම් චරිතයට අදාළ වන ආකාරයට හැගීම් උද්දීපනය වන ආකාරයට කැටයම් සහ වර්ණ ගැන්වීම සිදුකර මෙම වෙස් මුහුනු නිර්මාණය කරනු ලබයි.
පාරම්පරික වෙස් මුහුණු ශිල්පීන් වෙස් මුහුණු තැනීමට ගසක් කපන ස්ථානයේ සිට වෙස් මුහුණු තනා අවසන් වන මොහොත දක්වා පහත ආකාරයට ක්‍රියා කරනු ලබයි.
වෙස් මුහුණු තැනීම සදහා වෙල් කදුරු ගසක් කැපීමට පෙර එම ගසේ මුල මල්, බුලත් තටුවක් තබා එම ගසට අරක් ගත් යම් කිසි දේවතාවෙක් සිටීනම් එතැනින් වෙනත් ස්ථානයකට යන ලෙස අයැද සිටී. පසුව හොදින් වැඩුනු වෙල් කදුරු ගස කපා එහි මද කොටසින් වෙස් මුහුණු තනා ගැනීමට අවශ්‍ය ලී කොටය වෙන් කරගනු ලබයි. අනතුරුව ලී කොටයේ හරි මැදින් මැදි ඉර ලකුණු කර අනෙක් බෙදුම් ඉරි ද නිර්මාණය කර ගනු ලැබේ. පසුව නියනක් ආධාර කර ගනිමින් වෙස් මුහුණේ හැඩය මතු කරගනු ලබන අතර මෙයට බර ගසා ගැනීම යනුවෙන් පවසනු ලැබේ. මෙසේ බර ගසන ලද ලී කොටය මාසයක පමණ කාලයක් දුමෙහි තැබීම සිදු කරනු ලබයි. මෙසේ සිදු කරනු ලබන්නේ ලීයේ ඇති ජලය ඉවත් කර සැහැල්ලු භාවයට පත් කර ගැනීම සදහාය. පසුව ඇස්, කන්, නාසය ආදිය පැහැදිලිව මතු කර ගැනීම සිදු කරනු ලබයි. පසුව මාස තුනක පමණ කාලයක් නැවතත් දුමෙහි තබනු ලැබේ. ඉන් පසු තියුණු උල් පිහියක් ආධාර කර ගනිමින් වෙස් මුහුණෙහි කැටයම් නිර්මාණය කර ගනු ලබයි. අනතුරුව සිදු කරනුයේ වෙස් මුහුණ මැදීමයි. මේ සදහා අතීතයේදී බුදැලියා නම් ශාක පතු විශේෂයක් භාවිතා කරනු ලැබූ අතර වර්තමානයේ දී වැලි කඩදාසි භාවිතා කරනු ලබයි. අනතුරුව කොහු ලණු වලින් බුරුසුවක් සාදාගෙන නැවත වතාවක් වෙස් මුහුණ මදිනු ලබයි. මෙයින් ගැටිති ආදිය තිබෙන ස්ථාන නැති වී යනු ඇත. මකුළු මැටි යනුවෙන් හදුන්වනු ලබන සුදු පැහැති මැටි විශේෂයක් ජලයේ දියකර සුදු පැහැති කුඩක් එන තෙක් එය රෙදි කඩකින් හොදින් පෙරා ගනු ලබයි. පසුව එම මැටි තල් ගසේ ලාටු සහ දෙරන තෙල් සමග මිශ්‍රකර වෙස් මුහුණෙහි ආලේප කරනු ලබන අතර එය අල්ලියාදු ඝෑම ලෙස හදුන්වනු ලබයි. මෙසේ පදනම් ආලේපයක් තැවරූ පසු වෙස් මුහුණ වර්ණ ගැන්වීම ආරම්භ කරනු ලබයි. අනතුරුව නැවත වාරයක් වෙස් මුහුණ ඔපමට්ටම් කරනු ලැබේ. මෙමගින් සිදුවන්නේ දිස්නයක්, දීප්තියක් ඇති වීමයි. මෙය සිදු කරනුයේ පහනක් දල්වා රත් වූ තෙල් තල් කොළයක් මතට දමා එම තල් කොළය ආධාර කර ගනිමින් මැදීමේ කටයුතු සිදු කරනු ලබයි. මේ වන විට මුලින් තිබූ ලී කොටය අලංකාරවත් වෙස් මුහුණක් බවට පත් වී තිබේ.
කෝලම් නාටකය සදහා විවිධ වාද්‍ය භාණ්ඩ උපයෝගී කර ගනු ලබයි. මේ සදහා යොදා ගනු ලබන ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස පහතරට යක්බෙරය හැදින්විය හැකිය. මෙය රුහුණු බෙරය, දික් බෙරය, දෙවොල් බෙරය ආදී විවිධ නාමයන්ගෙන් හදුන්වනු ලබයි. බෙර වාදකයන් දෙදනෙක් හා හොරණෑ වාදකයෙක් කොලම් නාටකයේ දී සහභාගී වේ.
කෝලම් නාටකය පැවැත්වීමේ අරමුණු කිහිපයක් අපට දැකගත හැකිය. එනම්, විනෝදාස්වාදය, සමාජ ශෝදනය, පූජාර්ථය ආදී වූ විවිධ අරමුණු දැකිය හැකිය. මෙහි ප්‍රදාන අරමුණ ලෙස විනෝදාස්වාදය දැක්විය හැකිය. කෝලමා, කොලම් කිරීම ආදී වූ නාමයන්ගෙන්, යෙදුම් වලින් කොලම් යන වචනය බිදී ආ බව පැහැදිලිවම දැකගත හැකිය. එසේම සමාජයේ ජීවත් වන ඇතැම් පුද්ගලයන්වේ වැරදි ක්‍රියා කලාපයන් විවේචනයට, උපහාසයට ලක් කරමින් එම අශෝබන චරිත සුචරිත චරිතයන් බවට පත් කිරීමට ද මෙය භාවිතා කරන්නට ඇත. කෝලම් නාටකයේ ආරම්භය දැක්වෙන කථා පුවතට අනුව මෙම කෝලම් නාටකයේ අරමුණ පූජාර්ථයයි. විවිද පුද්ගලයන් විවිද මති මතාන්තර ඉදිරිපත් කරනු ලැබුවද වැඩි නැඹුරුතාවයක් පවතින්නේ විනෝදාස්වාදය උදෙසාය.

වර්තමානයේදී වෙස් මුහුණු වර්ණ ගැන්වීම සදහා කෘතීම වර්ණක භාවිතා කරනු ලැබුවද අතීතයේදී ස්වාභාවික පරිසරයෙන් ලබා ගන්නා කොළ, මල්, පාෂාණ වර්ග, මැටි ආදී දේවල් වලින් වර්ණ සකසා ගැනීම සිදුවිය. එසේ සාදා ගන්නා ලද වර්ණ කිහිපයක් පහත දැක්වේ.
සුදු - මකුළු මැටි හොදින් ජලයේ දියකර කුඩක් බවට පත්වන තුරු රෙදිකඩක් භාවිතයෙන් පෙරා දරණ තෙල් සමග මිශ්‍ර කිරීමෙන්
කහ - රන් හිරියල් හෝ මඩ හිරියල් ගොකටු කිරි සමග මිශ්‍ර කිරීමෙන්
නිල් - නිල් ඇවරිය කොළ යුෂ නිල් මැටි වර්ගයක් සමග මිශ්‍ර කිරීමෙන්
කොළ - කීකිරිදිය කොළ යුෂ
කළු - වෙල් දුම්මල, ඇත් දළ පිළිස්සූ අගුරු කුඩු කර දෙරණ තෙල් සමග මිශ්‍ර කිරීමෙන්
කෝළම් වෙස් මුහුණු වර්ණ ගන්වනු ලබන්නේ ඒවායේ අදහස් ප්‍රකාශ වන අන්දමටය. චරිතයට ගැළපෙන ආකාරයටය. සෑම වර්ණයක්ම සෑම චරිතයකටම නොගැළපේ. රජවරු, බිසෝවරු, වෙිවරු ආදී චරිත නිරූපනය සදහා ලා රතු, තැඹිලි, කහ ආදී වර්ණයන්ද සාමාන්‍ය චරිත නිරූපණය සදහා දුඹුරු ලා කහ ආදී වර්ණයන්ද යක්ෂයින්, සතුන්ගේ චරිත නිරූපණය සදහා කළ, රතු, දුඹුරු, සුදු, කොළ ආදී වර්ණයන් භාවිතා කිරීම සිදු කරනු ලබයි.
සාමාන්‍යයෙන් කොල්ම්නාටක රග දැක්වීම සදහා යොදා ගනු ලබන වෙස් මුහුණු සියල්ලම පාරම්පරික කෝලම් ගුරුන්නාන්සේලා සතුව පවතී. එය හදුන්වනු ලබන්නේ “කෝලම් වෙස් මුහුණු කුට්ටම” යනුවෙනි. ඒවා විශාල පෙට්ටියක ඉතා සුරක්ෂිතව තැම්පත් කර තැබීම ඔවුන්ගේ සිරිතක් විය. ඉතා ආරක්ෂිත ලෙස තැම්පත් කර ඇති මෙම වෙස් මුහුණු පිටතට ගැනීමේ දී සහ නැවතත් මේවා තැම්පත් කර තැබීමේ දී වෙස් මුහුණු වලට දුම්මල ගැසීම ඔවුන්ගේ සිරිතය. එසේ සිදු කිරීමෙන් සියළු වස්දොස් දුරුවන බව ඔවුන්ගේ පිලිගැනීමයි. එසේම එයින් වෙස් මුහුණු පැළදගෙන නාටකයේ යෙදෙන විට දහඩිය ආදී දේවල් වලින් වෙස් මුහුණට සිදු විය හැකි හානිය වැළකෙන බව ද ඔවුන් විශ්වාස කරනු ලබයි.
වෙස් මුහුණු හා බැදි විවිධ කවි කිහිපයක් ගැන දැන් විමසා බලමු.විවිධ රැකියාවල නියුතු වන විට විවිධ ආකාරයේ ජන කවි වර්ග භාවිතා කරනු ලැබේ. පැල් රකින විට පැල් කවි ද , කරත්තයක ගමන් කිරීමේ දී කරත්ත කවි ද , ගොයම් කපන අවස්ථාවක දී ගොයම් කවි ද, පාරුවෙහි ගමන් කරන අවස්ථාවක දී පාරු කවි ද ........ ආදී ලෙස බොහෝ වර්ගයන්ට අයත් කවි දක්නට ලැබේ.
උසින් පස් වියත් මහා සම්මත මුහුණේ
දෙවුර තුන් වියත් තුනගුල මැන ගන්නේ
තිගිරිතලේ කැටයම් කෙරු ලිස එන්නේ
සිරසේ පිපුණු නෙළුමකි කැටයම් වන්නේ
(මහා සම්මත රජුගේ වෙස් මුහුණ නිර්මාණය කිරීම ගැන)
සිරස නයි පෙන පසකි
දෙඇස වට නයි දෙදෙනෙකි
මුඛය දැහැගත් නයින් දෙදෙනෙකි
මෙසේ තෙද ලත් දේවතාවෙකි
(නාග රාක්ෂ වෙස් මුහුණ නිර්මාණය කිරීම ගැන)
නා පෙන සතර හිස
නා දළු අදර සතු ලෙස
නා බරණ නද හස
නාග කන්‍යා දකුව කර තොස
(නාග කන්‍යා වෙස් මුහුණ නිර්මාණය කිරීම ගැන)
සිරසේ නයි දෙදෙනා දරනා
මෙරසේ දෙසවන් උරගුන් දෙදෙනා
නාසින් නික්මුණු උරගුන් දෙදෙනා
මෙලෙස නීලගිරි කැටයම් කෙරුණා
(නීලගිරි රාක්ෂ කෝලම වෙස් මුහුණ නිර්මාණය කිරීම ගැන)
කෝලම් නාටක රගදක්වනු ලබන කණ්ඩායම “කෝලම් කුට්ටම” ලෙස හදුන්වනු ලැබේ. අතීතයේදී බෙන්තර, කෝමමල, සුද්දගොඩ, ගිංතොට, මිරිස්ස, උඩුපිල, කුඹුරුගමුව, තොටගමුව, අම්බලන්ගොඩ, හිරේවත්ත, ඔලබොටුව, රයිගම, බෝකුන්දර,මීගොඩ, පිටිගල, පරෙයිගම, පොල්ගම්පල, ගෝනපීනුවල, රුක්ගහවිල, තෙලිකඩ, හොරගම්පිටිය, ගණේමුල්ල ආදී ප්‍රදේශයන් වල කෝලම් නාටක රග දක්වනු ලැබූ අතර අද වන විට මිරිස්ස, අම්බලන්ගොඩ, බෙන්තර, ඔලබොටුව, රයිගම් කෝරලය යන ප්‍රදේශයන් වල පමණක් තවමත් කෝලම් නාටක රැක ගැනීම සදහා කටයුතු සිදු කරනු ලබයි.
කෝලම් නාටකයේ දැකිය හැකි චරිත බොහෝ ප්‍රමාණයක් ඇත. ඉන් කිහිපයක් පිලිබද අපි දැන් විමසා බලමු.
අණබෙර කෝලම
මෙම චරිතය “පනික්කලේ” යන නාමයෙන්ද හදුන්වනු ලබයි. රජු සහ බිසව සබයට පැමිණෙන බව දන්වා සිටින්නේ ඔහුයි. අණබෙර කෝලම සදහා යොදා ගන්නා වෙස් මුහුණෙහි හිස වටා තලප්පාවක් ද, මුහුණ පුරා සුදු රැවුලක් ද වේ.
රජු සහ බිසව
රජතුමා සහ බිසව සමග වාමන සලන්නියක්ද, මුතු කුඩය ඔසවන සේවකයාද සබයට පැමිණෙයි. මෙම චරිතය රගදක්වන පිරිස වැඩි වේලාවක් සබයේ රැදී නොසිටියි. එයට හේතුව වන්නේ ඔවුන්ගේ වෙස්මුහුණු විශාල වීමත්, ඒවා බරින් වැඩි වීමත්ය. රජු සහ බිසව සබයේ සිටින බව ඇගවීම සදහා ඔවුන්ගේ වෙස් මුහුණු සබයේ තබා ඔවුන් එතැනින් පිටවී යයි.
ජස කෝලම හා ලෙන්චිනා කෝලම
මෙය “පේඩි” කොලම ලෙසද හදුන්වනු ලබයි. රජු සහ බිසවසබයට පැමිණීමට පෙර සබය වටා තිර ඇදීම සහ උඩුවියන් ඇදීම හා පාවඩ එලීම මොහුට පැවරී ඇති කාර්ය වේ. ඝනව පිහිටි උඩු රැවුලකින්ද විශාල නාසයකින් හා ඉදිරියට නෙරා ගිය ඇස් දෙකක් සහිතව මෙම වෙස් මුහුණ නිර්මාණය කර ඇත. ජසයාගේ බිරිද ලෙන්චිනාය. ඇය මෙසේ පවසමින් සබයට ඇතුළු වේ.
මම වැනි පේඩි කතක් දුටුවද ලොවේ රුසිරෙන් දිනා මවුපියො නිදහස් වෙන්ට මාව දුන්නාය නාකි වූ හමෙකුටා”
මුදලි කෝලම
මුදලි සබයට පැමිණෙන විට ඔහුගේ මෙහෙකරුවා වන හෙන්චා ද සබයට පැමිණේ. හෙන්චා ඉතා හාස්‍ය උපදවන චරිතයක් ලෙස දැක්විය හැකිය. මුදලි ගමන් බිමන් යන සෑම අවස්ථාවකදීම මුදලිගේ හිසට තල් අත්තක් අල්ලාගෙන ඔහුද පිටුපසින් ගමන් කරයි.
පොලිස් කෝලම
පොලිස් කෝලමට පස්දෙනෙක් පමණ සහභාගී වෙති.ඔවුන් කළු කෝට් එකකින් හා කලිසමකින් ද කළු තොප්පියක් සහිත වෙස් මුහුණකින්ද සැරසී සිටී. ඇතැම් පොලිස් නිළධාරීන්ගේ අකටයුතුකම් හා ක්‍රියාකලාපයන් විවේචනය කිරීම මෙමගින් සිදු විය.
ආරච්චි කෝලම
පොලිස් කෝලමෙන් පසුව සබයට පිවිසෙන්නේ ආරච්චි කේලමයි. ආරච්චි සමග ලියනප්පු නම් සේවකයාද සබයට පිවිසෙයි. මෙම කෝලමෙන් සාමාන්‍ය ජනතාවට අරච්චිගෙන් සිදුවන අසාධාරන කම් නිරූපණය කරනු ලබයි. ලියනප්පුගේ එක් අතෙක පුස්කොළ පොතක්ද අනෙක් අතෙහි පන්හිදක් ද දක්නට තිබේ.
නාරිලතා කෝලම
කාන්තා ලාලිත්‍ය ඉතා අපූරු අන්දමින් මතු කර පෙන්වීම මෙම චරිතයේ වගකීම වී තිබේ. ඉතා අපූරු අන්දමින් නර්තනයේ යෙදෙමින් මෙම චරිතය රග දැක්වීම සිදු කරනු ලබයි.
නොංචි අක්කා කෝලම
මෙම කෝලම් චරිතය ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රියත්වයට පත් වූ චරිතයකි. නොංචි අක්කා වයස්ගත තැනැත්තියක් වුවද ඇය හැසිරෙන්නේ තරුණියක් ලෙසටය. නොංචි අක්කාගේ චරිතය පිළිබද හැදින්වෙන්නේ මේ ආකාරයටය.
“කටේ දත් වැටෙමින
කබත් කුණුකෙළත් පෙරමින
ගතත් වෙව්ලාගෙන
නොංචි අක්කා ඒය දුවගෙන”
කාපිරි කෝලම
මෙම කෝලමෙන් දක්වන්නේ කාපිරි ජාතික යුවළක් ගැනයි. එම කාපිරි ජාතික යුවළ මිනිස් මස් කෑමට මාන බලමිනි සිටිනා අන්දම නිරූපනය කරනු ලබයි.
හේවා කෝලම
මෙම කෝලම සදහා නළුවන් සතර දෙනෙක් පමණ සහභාගී වෙති. මොවුන් විසින් පැළද සිටිනා වෙස් මුහුණු විරූපී රූපයක් මවා දක්වන වෙස් මුහුණකි. එකිනෙකාගේ රුපයේ ඇති විවිධ අඩුපාඩු, විරූපී භාවය ආදිය පෙන්වමින් මොවුන් සිනාසෙති. මොවුන්ගේ මුහුණු විරූපී වීමට හේතුව ලෙස මොවුන් දක්වනු ලබන්නේ යුද්ධයේ දී මෙවැනි දෙයක් වූ බවයි.
දෙමළ කෝලම
දෙමල අගනක් සහ ඇගේ ස්වාමි පුරුෂයා ගැන මෙම කෝලමෙන් නිරූපණය වේ. දෙමළ අගන කුල්ලක් අතැතිව ද ස්වාමියා සැරයටියක් අතැතිවද සිටින අතර ඔවුන්ගේ නර්තනයන් දෙමළ ගැමි නැටුම්වල ස්වාභාවය ගනී.
සිංහ කෝලම
මෙම කෝලම නිරූපණය කිරීම සදහා ඉතා භයංකාර පෙනුමෙන් යුක්ත වූ වෙස් මුහුණක් භාවිතා කර ඇත. සිංහ කෝලම ආරම්භයේ දී මතුවන්නේ භයානක රසය වුවද අවසානයේදී සිදු කරනු ලබන ක්‍රියාවන්ගෙන් හාස්‍ය රසය මතු වේ.
නාග කන්‍යා කෝලම
මෙම කෝලමේ එක් විශේෂතාවයක් දක්නට ලැබේ. එනම් සබයේදී සංවාදයේ නොයෙදීමයි. වෙස්මුහුනෙහි නාගයෙකුගේ හිසක් නිරූපණය කර ඇත. ඇතැම් වෙස් මුහුණු වල කන්වල දරණ ගසා සිටින නාග රූප දෙකක් දක්නට ලැබේ.