උඩරට නැටුම් කලාවේ මූලාරම්භය සොයන්නෙකුට එම නර්තනයේ යෙදෙන නැටුම් ශිල්පීන් අතර ප්‍රචලිත පුරාවෘත්ත කතා කෙරෙහි අවදානය යොමුකල යුතුවේ. මෙයට හේතුව වී ඇත්තේ ඒ කතා පුවත් හා උඩරට නැටුමේ ඇති නර්තන අංග හා ඇති සබඳතාවයන් හේතුවෙනි. මේ පුරාවෘත්ත කතා වලින් ඉතා වැදගත් කොට සැලකිය හැකි පඩුවස් දෙව් රජුගේ දිවි දෝෂය පිලිබඳ කතා වස්‌තුව හා උඩරට නැටුම අතර මනා සබඳතාවයක් පවතී.පඩුවස් දෙව් රජුගේ දිවි දෝෂය සමනය කිරීමෙහි ලා පැවත්වූ ශාන්ති කර්මය අදටත් උඩරට නැටුම් ශිල්පියා විසින් පවත්වන කොහොඹා කංකාරී ශාන්ති කර්මය වේ.මෙරට අනෙකුත් ශාන්තී කර්මවලට වඩා වෙනස් නර්තනය හා ගායන වාදනයට ප්‍රමුඛ ස්‌ථනයක් ලබා දෙන ශාන්ති කර්මයකි කොහොඹා කංකාරි ශාන්ති කර්මය.පඩුවස්‌දෙව් කතා වස්‌තුවට අමතරව විජයාවතරණයට පෙර හා පසූ සිදුවූ විවිධ කතා වස්‌තූ උඩරට නැටුම් කලාව හා සබැඳේ.
මෙසේ ආරම්භ වූ නැටුම් කලාව දිනෙන් දින සංවර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකර ආශ්‍රිත ප්‍රදේශ වල උඩරට නැටුම් සම්ප්‍රදාය නමින් ප්‍රචලිත විය.
උඩරට නැටුම් කලාව ප්‍රචලිත ප්‍රදේශ
1. සත්කෝරලය
2. සතරකෝරලය
3. දුම්බර
4. හේවාහැට
5. මහනුවර දිස්‌ත්‍රික්‌කය
6. කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය
7. කෑගල්ල දිස්‌ත්‍රික්‌කය
කොහොඹා කංකාරිය උඩරට නැටුමේ ප්‍රධාන ශාන්තිකර්මය වන අතර, ප්‍රධාන ඇදුම් කට්‌ටලය ( රංග වස්‌ත්‍රාභරණ ) වන්නේ, වෙස් ඇදුම් කට්‌ටලයයි. ගැට බෙරය ප්‍රධාන වාද්‍ය භාණ්‌ඩය වේ. පා සරඹ 12 ක් හා ගොඩ සරඹ 12 කින් සැදුම් ලත් උඩරට නර්තනය අති රමණීය වන්නම් 18 කින්ද, වට්‌ටම් 4 කින්ද සමන්විතය.