දෙමළ ජනතාවගේ නාට්‍ය විශේෂයක් වන “තෙරුක්කුත්තු” නම් නාට්‍ය ඇසුරින් සොකරී නාට්‍ය නිර්මානය වී ඇතැයි සැලකේ. එසේ පැවසීමට හේතුව වි ඇත්තේ දෙමළ ගැමි සංස්කෘතියේ ඇති ඇතැම් ලක්ෂණ සොකරී නාට්‍යයේ තිබීමයි. කෘෂිකාර්මික ගැමි ජීවන රටාවක් ගත කළ පැරණි ගැමියන් අස්වැන්න නෙළා අවසන් වූ පසු තමාගේ විනෝදාස්වාදය උදෙසා සොකරී නාට්‍ය රග දැක්වූ බව පැහැදිලි වේ. අස්වැන්න නෙළා අවසන් වූ පසු සොකරී රගදක්වන බැවින් මේ සදහා බොහෝ විට යොදාගනු ලැබුවේ කමතයි. නැතහොත් හොදින් ඉඩකඩ ඇති එළිමහන් ප්‍රදේශයකි. රංග භූමිය මධ්‍යයේ වංගෙඩියක් තබා ඇති අතර නළුවන් ඒවටා ගමන් කරමින් රංගනය ඉදිරිපත් කරනු ලබයි. එසේම රංග භූමියට ආලෝකය සපයා ගනු ලබන්නේ ලන්තෑරුමක් මගිනි. නමුත් සොකරී නාට්‍ය දෙස බැලිය යුත්තේ හුදෙක් සිනහව උදෙසා පමණක්ම නොවේ.
කාසි රටේ ගුරුහාමි නම් අවලස්සන පෙනුමක් ඇති මහළු අයෙක් ජීවත් විය. ඉතා රූමත්, ලස්සන කාන්තාවක් වූ සොකරී නම් තරුණියව කුලවත් පෙළපතින් පැවත එන ගුරුහාමි නැමැත්තා විවාහ කර ගනු ලබයි. විවාහයෙන් පසුව ඔවුන්ට මිලමුදල් හිගවේ. රැකියාවක් සොයා යන ගුරුහාමිට කිසිදු රැකියාවක් සොයා ගැනීමට නොහැකි වූ අතර ගුරුහාමි, සොකරී හා සේවකයා වූ පරයාද සමග නැව්නැගී ශ්‍රී ලංකාවට පැමිණීයහ. මෙරටට පැමිණි ඔවුන් ප්‍රථමයෙන් සිදු කරනු ලැබුවේ සිරිපා වන්දනයේ යාමයි. පසුව තඹරාවිට නම් ගම්මානය පැමිණ හෙට්ටියා නැමති පුද්ගලයෙකුගෙන් ඉඩමක් මිලදී ගන්නා ඔවුන් පැල්පතක් සාදාගෙන එහි ජීවත් විය. මෙසේ කල් ගෙවන අතරතුර ගුරුහාමි සහල් සොයා ගමේ ඇවිද යයි. මොවුන් සිංහල භාෂාව නොදන්නා බැවින් ගම්මානයේදී විවිධ කරදර වලට මුහුණදීමට සිදු විය. ඒ කෙසේ වෙතත් සහල් සොයාගෙන පැමිණි ද නිවසේ වතුර නොතිබූ නිසා ගුරුහාමි නැවතත් වතුර ගෙන ඒම සදහා පිටත් විය. ඒ අතරතුර බල්ලෙකු සපා කෑම නිසා ඇති වූ වෙදනාවෙන් කලාන්ත දමා ඇද වැටුණි. ගුරුහාමි මිය ගියා යැයි සිතූ පරයා සොකරී සමග හාදවීමට උත්සහ දරයි. සොකරී ගමේ වෙද ගෙදරට ගොස් ගුරුහාමිට ප්‍රතිකාර කරන මෙන් ඉල්ලා සිටියි. වෙද රාලද මෙම ඉල්ලීමට එකග විය. මේ අතරතුර වෙදරාල හා සොකරී අතර හිතවත් කමක් හටගනී. ගුරුහාමිට ප්‍රතිකර කළ වෙදරාළ සොකරීවත් රැගෙන වෙදගෙදරට ගෙන ගියේය. සුවපත් වූ ගුරුහාමි සොකරී නිවසේ නොමැති බව දැනගත් විට ඇයව සොයා දෙන මෙන් කතරගම දෙවියන්ට භාරයක් වෙයි. කතරගම දෙවියෝ ගුරුහාමිට සොකරී ඉන්නා තැන පෙන්වා දෙනු ලබයි. පසුව සොකරීව නිවසට කැදවාගෙන ආ අතර ටික දිනකින් සොකරීට දරුවකු ලැබෙයි. දරු සුරතල් බලමින් , නැළවිලි ගී කියමින් සිටින සොකරී අවසානයේ ප්‍රේක්ෂකයාට ද සෙතපතා කවි ගායනා කරනු ලබයි.
ඉහත දක්වනු ලැබුවේ සොකරී කථා පුවත වන අතර මෙම කතාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වීම දක්නට ලැබේ.
සොකරී නාට්‍යයේ ප්‍රදාන චරිතයන් කිහිපයක් දක්නට ලැබේ. එනම් සොකරී, ගුරුහාමි, පරයා, වෙදරාළ, ගමරාළ, ගුරුහාමි යන චරිතයි. මෙම ප්‍රධාන චරිතයන්ට අමතරව හෙට්ටියා, සොන්තනා, වඩුරාල, කොරවක්බණ්ඩා, කෝළමා ආදී චරියන්ද සොකරී නාට්‍ය තුළ දක්නට ලැබේ.
සොකරී - මෙය කාන්තා චරිතයක් වුවද නිරූපණය කරන්නේ නළුවෙකු විසිනි. ඔසරියකින් සැරසුනු රූමත් කාන්තාවක් ලෙස පෙනී සිටියි.
ගුරුහාමි - සොකරිගේ ස්වාමිපුරුෂයා ගුරුහාමිය. උසස් පවුලකට අයත් අවලස්සන වයස්ගත වූ පුද්ගලයෙක් ලෙස මෙම චරිතය දැක්වේ. උඩරට නැට්ටුවන් අදින හගලට සමාන වු ඇදුමකින් සැරසී සිටියි.
පරයා - වෙස්මුහුණක් පැළදගෙන තම කාර්ය ඉදිරිපත් කරන අතර මෙය හාස්‍යජනක චරිතයකි. ගුරුහාමිගේ සහ සොකරීගේ සේවකයා ලෙස ක්‍රියා කරනු ලබයි.
වෙදරාළ - ගුරුහාමි සහ සොකරී ජීවත් වූ ගම්මානයේ සිටින වෙද මහත්තයා මොහුය. මොහුද වෙස්මුහුණක් පැළදගෙන සිටින අතර කුදු ගැසුනු පුද්ගලයෙකු සේ ක්‍රියා කරනු ලබයි.
“ දෙමළ ජනතාවගේ නාට්‍ය විශේෂයක් වන “තෙරුක්කුත්තු” නම් නාට්‍ය ඇසුරින් සොකරී නාට්‍ය නිර්මානය වී ඇතැයි සැලකේ. එසේ පැවසීමට හේතුව වි ඇත්තේ දෙමළ ගැමි සංස්කෘතියේ ඇති ඇතැම් ලක්ෂණ සොකරී නාට්‍යයේ තිබීමයි. ”
සොකරී ආරම්භ වන්නේද වෙනත් බොහෝ යාතුකර්මයන් සිදු කරන ආකාරය වන තෙරුවන් නැමද අවසර ගැනීමෙනි. මෙහි දැක්වෙන කවි සොකරී නාට්‍යයේ පමණක් නොව වෙනත් අවස්ථා වලදීද භාවිතා කරන අතර ඇතැම් වචන “සොකරී” නාට්‍යටම ආවේණික වූවාය.
සරණයි සරණයි බුද්ධං සරණයි
සරණයි සරණයි ධම්මං සරණයි
සරණයි සරණයි සංඝං සරණයි
සරණයි සරණයි මේ තුන් සරණයි
බුද්ධං සරණේ සිරස දරන්නෙමු
ධම්මං සරණේ දෙඋර දරන්නෙමු
සංඝං සරණේ ගත පළදින්නෙමු
මෙතුන් සරණ වැද සොකරි නටන්නෙමු
වන්නි ප්‍රදේශයේ සොකරී නාට්‍යයේ එන සිරසපාද කවි දහයෙන් බුදුගුණ දැක්වෙන්නේ එක් කවියක පමණක් වන අතර සිරසපාද කවි ආරම්භ වන්නේ ගණදෙවි වර්ණනාවකිනි. මීට අමතරව විෂ්ණු, පත්තිනි, සමන්, විභීෂණ, කතරගම, මහා බ්‍රහ්ම ආදී දෙවිවරුන් ගැනද මෙහි දැක්වේ. මෙයින් පැහැදිලි වන්නේ මුළු දිවයින පුරාම බුදු දහම ව්‍යාප්ත වුවද තමන් විසින් ආදී කාලයේ සිට අදහනු ලැබූ දෙවි දේවතාවුන් වහන්සේලා අමතක නොකල බවයි. එය ඔවුන්ගේ විශේෂ ලක්ෂණයක් ලෙස දැක්විය හැකිය.
සිරසපාද කවි
ගණපති දෙති නුවණ - මිහිකත් රකිති මෙගුණ
දෙන්නේ මට නුවණ - අසන් දෙවියනි දේව සුබ ගණ
දෙවියනි කතරගම - කවියෙන් කියමි වැද මම
කවි කියන අප සැම - රකින් දෙවියනි මෙඅප නිතරම
ආසිරි සුබ සරණ - ගෞතම මුණිදු සරණින
වරම් ගෙන අදදින - දිසා ආසිරි වඩා සෙත් දෙන
බඹ සුර නරන් හැම - මහ බඹ සමන් විබිසන
සදෙව් ලොව දෙව් හැම - අපට අවසර දෙවන් නිතරම
සුර විස්නු දෙවියන් - ගණ පත්තිනි දෙවියන්
මෙතුන් ලොව දෙවියන් - අපට අවසර දෙවන් බැතියෙන්
මෙහි අනෙක් දේවතාවන්ට ප්‍රථමයෙන් නොවන අතර මැද ස්ථානයක බුදුන් වහන්සේට ලබා දී ඇත. ඒ අනුව සොකරී බෞද්ධ ගැමි නාටකයකට වඩා වෙනස් වූ නාටකයක් ලෙස පෙනී යයි. එහි එන සශ්‍රීකත්වය පිළිබද අදහස හෝ ස්ත්‍රී සාපල්‍යතාව (සරුබව) පිළිබද අදහස හෝ බෞද්ධයා වැදගත් කොට නොසලකන ලෞකික කරුණුය.
මහින්දාගමණයෙන් පසු මෙරට රජවරු දිගින් දිගටම පිළිගන්නේ බුදු සමයයි. බෞද්ධයෙකු නොවන එළාර රජතුමාට පවා බෞද්ධ සාරධර්ම පිළිගැනීමට සිදු විය. මහනුවර යුගයේ සිටි වඩික පාලකයින් උපතින්ම හින්දු භක්තිකයන් විය. නමුත් ඔවුන්ට පැවරී තිබුණේ බුදු දහම රැක ගැනීමේ කාර්යයි. මෙකල ඇතැම් රජවරු වෙහෙර විහාර තැනවූහ. එසේම භික්ෂූන්ට උපස්ථාන කළහ. ධර්මය රැකීමට උපකාර කිරීම, වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම ආදී දේවල් සිදු කළ අතර බුදු දහම රාජ්‍ය ආගම ලෙසද පිළිගනු ලැබීය. සොකරී නාට්‍ය රග දැක්වීම මහනුවර, මාතලේ, කුරුණෑගල, නුවර එළිය, බදුල්ල, කෑගල්ල ආදී දිස්ත්‍රික්කයන්ට පමණක් සීමා වූවක් බව පෙනේ. ඇතැම් ප්‍රදේශවල පත්තිනි දෙවියන් උදෙසා සිදු කරනු ලබන පූජාවක් ලෙසද සොකරී නාටය රගදක්වනු ලබන අතර එය අවසානයේ එහි රංගන කටයුතු සිදු කළ සියළු නළුවන් කතරගම දෙවියන් හා පත්තිනි දෙවියන්ට බාර ඔප්පු කිරීම සිරිතක් වී පැවතුණේය. සොකරි රගදැක්වීමේදී වාදනය කරන්නේ බෙරය, කයිතාලම හා හොරණෑවයි. උඩරට ප්‍රදේශයේ ඒ සදහා ගැට බෙරය භාවිතා කරයි. ඌව, සබරගමුව ප්‍රදේශවල යොදාගනු ලබන්නේ දවුලයි.
සොකරී නාටයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයන් කිහිපයක් දක්නට තිබේ. ඒවා පහත සදහන් කරඇති ආකාරයට දැක්විය හැකිය.