වර්ණනාව, වැනීම, අලංකාර අයුරින් ප්‍රකාශ කිරීම යන අරුත වන්නම් තුළ ගැබ්ව ඇත. යම්කිසි සිද්ධියක්, අවස්ථාවක්, වස්තුවක්, පුද්ගලයක්, දෙවිකෙනෙකු, හෝ සත්වයෙක් වර්ණනාවට ලක්කීරීම වන්නම්හි දක්නට ලැබේ. මුළිකව ගායනය සදහා රචනා වූ වන්නම් කවිකාර මඩුවේ දී ගායනය කරනු ලැබීය. කවිකාර මඩුවේ ශිල්පීන් විසින් ගායනයත් සමග සිදුකරනු ලැබූ කුඩා අංග චලන පසුකාලීනව නර්තනයක් දක්වා වැඩි දියුණු වන්නට විය. දේශිය වන්නම්හි නර්තනයේ ප්‍රකාශන ශක්තියන් නොමැති අතර එහි තුළ ගැබ්ව ඇත්තේ තාලානුකූල චලන සමූහකි.
වන්නම් තුළ කාව්‍යමට රීතියක් අනුගමනය කරමින් සන්නීවේදනය කිරිම සිදුකරන අතර එය ඇතැම් වන්නම් වලදී, එක් කවියකට පමනක් සිමාවන අතර ඇතැම් වන්නම් එම සීමාව ඉක්වමින් කවි කීමයකින් වර්ණනාව සිදුකර ඇත. ඇතැම් ලක්ෂණ සම්ප්‍රදායන් තුනටම පොදු ලක්ෂණ මෙන්ම, ඒ ඒ සම්ප්‍රදායට අනන්‍ය වූ ආකෘතියේ හා අරමුණු වලින් යුක්තව භාවිතවනු ඇත.
වන්නම් වල දක්නට ලැබෙන පොදු ලක්ෂණ ලෙස,
කව්‍යයමය ලක්ෂණ වලින් යුක්තයි.
උඩරට වන්නම් රචනා කරනු ලැබුවේ ශ්‍රී විරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ අවධියේ ය. වන්නම් රචනා කිරීම සම්බන්ධ විවිධ මතවාද දක්නට ලැබේ.වන්නම් රචනාකර ඇති භාෂා විලාෂය හා ඉදිරිපත් කර ඇති ආකාරය අනුව එක් පුද්ගලයෙකු විසින් රචනා කරන ලද්දක් බව පිළිගැනීම තරමක් දුරට අසිරුය. ඇතිම් බස්වහර වියත් බවින් හා ඇතැම් වන්නම් හි භාෂාව අවියක්ත ගැමි බස්වහර භාවිතා කිරීම මගින් එක් පුද්ගලයෙකු විසින් රචනා කිරීම සිදුකර ඇත යන්න කීම අසිරුය. වරින් වර එක් එක් පුද්ගලයන් විසින් රචනා කර ඇත යන්න හැදින්විය හැකි වනු ඇත.
උඩරට වන්නම් ගණනින් 18 කි. එකී එක් එක් වන්නමට අවේනික වූ නාද මාලවක් හා පදමාලවක් ව්‍යයහාරයේ දක්නට ලැබේ. ඇතැම් ගුරු කුලවල අප්‍රලිත වන්නම් පදමාලා හා නාදමාල දක්නට ලැබේ. එහෙත් පොදුවේ භාවිතා කරනු ලබන වන්නම් සදහා විශේෂිත වූ පදමාලා හා නාදමාල සම්මතයක් දක්නට ලැබේ. ප්‍රසිද්ධ පිළිගැනීමක් වන මල්වත්තේ විහාරවාසි භික්ෂුන් විසින් කේරළයේ විසූ ගණිතාලංකාර නම් සිංහල උගත් බමුණා විසින් රචනා කරනු ලැබූ බවයි. අනෙක් ප්‍රකට මතය වන්නේ රන්මොලවක අදිකාරම් හෝ දස්කොන් අදිකාරම් විසින් රචනා කර ඇත යන්නයි. එකී මතයන් පිළිගත හැකි සාධකයන් දක්නට නොලැබෙන අතර ඒවා පිළිගැනීමක් නොමැති අතීත පුරාකතා ලෙස හැදින්විය හැක.
වන්නම් නර්තනයේ මුළික අරමුණු වී ඇත්තේ,
වන්නමක් තුළ ප්‍රධාන වශයෙන් අඩංගුවන්නේ,
උඩරට වන්නම් 18